චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ මෑත කාලීන උපදේශනයකට පිලිපීනය එකඟ නොවන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
පිලිපීනයේ ආරක්ෂක තර්ජන සම්බන්ධයෙන් චීන සිසුන්ට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් චීනය රටේ තත්වයන් වැරදි ලෙස අර්ථකථනය කරන බව පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
චීන ජාතිකයන් සම්බන්ධ සිදුවීම් මෙන්ම විදේශීය ජාතිකයන් විසින් ඔවුන්ට එරෙහිව සිදු කරන ලද ඕනෑම අපරාධයක් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සුදුසු නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන් විසින් නිවැරදි ක්‍රියාපටිපාටියට අනුව සිදු කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මීට අමතරව, මාධ්‍ය විසින් වාර්තා පරිදි, මෙම කරුණු සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සහ අනෙකුත් විදේශ තානාපති කාර්යාල සමඟ හොඳ විශ්වාසයකින් සහයෝගයෙන් කටයුතු කිරීමට පිලිපීන රජය කැපවී සිටීන බව අවධාරණය කළේය
