අනීතික අයුරින් ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති රැදවියාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහත්මා විසින් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.
ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුල වෛද්‍යවරයෙකු විසින් ගිනුමක තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ තිස් පහක පමණ මුදලක් ලබා ගෙන සාදව්‍ය පරිහරණය කිරීමේ චෝදනා දෙකට අදාළවයි.
ඒ අනුව බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිතා කරන ලද ලේඛණයක්, කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීම යන චෝදනාවට විත්තිකාර ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්නට වසර පහක බරපතල වැඩ සහිත සිර දඬවමක් නියම කල මහාධිකරණ විනිසුරුතුමා, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක ද බරපතල වැඩ සහිත අනිවාර්ය සිර දඬුවමක් නියම කරන ලදී.
ඊට අමතරව මෙම නඩුවේ පැමිණිළිකාර වෛද්‍යවරයාට මුදලින් රුපියල් ලක්ෂ හතලිහක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කරන ලදී.
