දෙහිවල දුම්රිය ස්ථානය අසලදී “බස් අසිත”නැමැත්තාට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සැඟවී සිටි තුවක්කුකරු කහතුඩුවේදී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඔහු හිටපු පොලිස් විශේෂ කාර්ය බලකා PTI සෙබලකු බවටත් ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට සෙවයෙන් නෙරපා ඇති බවටත් වාර්ථා වේ.
අද 25 අලුයම 4:30ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේදි එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තැබිමක් සිදුකර ඇති අතර ඉන් ඇති වුන වෙඩි හුවමාරුකින් STF නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර මත තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බස් අසිත නැමැත්තා ප්‍රදේශයේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන බඩෝවිට අසංකගේ ළඟම ඥාතියෙකු බවටයි වාර්තා වන්නේ.
මෙම දෙපාර්ශ්වය අතර දිගු කලක පටන් පවතින ගැටුම්වල තවත් ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සැලකෙනවා.
සුදත් කුමාර හෙවත් බස් අසිත නැමැති වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයා මේ වනවිට කලුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
දැනට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මුල් පදිංචිය හොරණ කෝරළඉම ප්‍රදේශය වන අතර ඔහු බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාලයේ බෙදා හරින්නෙකු ලෙස කටයුතු කර ඇතැයිද අනාවරණ වී තිබෙනවා.
බස් රථ හිමිකරුවෙකු ද වන ඔහු මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
බස් අසිත දෙහිවල දුම්රිය ස්ථානය අසල මෝටර් රථයක රැඳී සිටි අවස්ථාවේ දී කලු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා ඉන් බැස පාගමනින් මෝටර් රථය අසලට පැමිණ වෙඩි තබා පලා යන අකාරය අසල තිබූ සී සී ටී වී කැමරාවලද සටහන්ව තිබුණා

