මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වන විශේෂ මෙහෙයුම් මාලාවක කොටසක් ලෙස පසුගිය 25 වන දින මෙහෙයුම් කිහිපයක් සිදු කරන ලදී.
මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කටයුතු කර ඇති අතර, ආරක්ෂක නිලධාරීන් 6,500 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 24,281 දෙනෙකු සෝදිසි කර ඇති අතර, වාහන 10,175 ක් සහ යතුරුපැදි 7,240 ක් සෝදිසි කර ඇත.
මෙම මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,455 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
තවද, අයිස් ග්‍රෑම් 374 යි මිලිග්‍රෑම් 336 ක් සහ හෙරොයින් ග්‍රෑම් 218 යි මිලිග්‍රෑම් 281 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම්වලදී, අපරාධවලට සෘජුවම සම්බන්ධ වූ පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විවිධ වැරදි සඳහා වරෙන්තු ඇති පුද්ගලයින් 408 දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
