තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුමේදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට තම රට සූදානම් බව මැලේසියානු විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් පැවසීය.
ඒ අනුව, තායිලන්තයේ සහ කාම්බෝජයේ අගමැතිවරුන් අද (28) මැලේසියාවේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) උදෑසන පැවසීය.
දෙරටේ නායකයින් සමඟ දුරකථන සංවාදවලදී එකඟතාවකට පැමිණි බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, දෙරටේ නායකයින් ඒ සඳහා කෘතඥතාව පළ කර ඇතත්, තායිලන්තය හමුදා මෙහෙයුම් නතර කිරීමට සූදානම් නැති බව පැවසීය.
ගැටුම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 200,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.
