හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසල වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම සිද්ධිය අද (28) උදෑසන වාර්තා වූ අතර, දෝෂ සහිත දුම්රිය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇත.
