GovPAY හරහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය අද සිට ආරම්භ වේ

on-site fine payment system through the GovPAY starts today
Spread the love

GovPAY යෙදවුම හරහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමවේදය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

කොළඹදී අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් අද දිනයේ පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම සිදුකරන බවයි.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ GovPAY යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ රථ වාහන වැරදි වලට අදාළව ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය පසුගිය දා හදුන්වා දුන් අතර, ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සිට අනුරාධපුර දක්වා ක්‍රියාත්මක වුණා.

ඒ අනුව මෙම ක්‍රමවේදය ඔස්සේ රථවාහන වැරදි පිළිබද දඩ මුදල ගෙවීම සිදුකර, ඒ සම්බන්ධයෙන් දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩය රථ වාහන නිලධාරින් වෙත තහවුරු කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදා හැරීම සිදුවනු ඇති.

01 පිවිසෙන්න: ඔබගේ ජංගම/අන්තර්ජාල බැංකුකරණ යෙදුමට හෝ ජංගම/Fintech යෙදුමට පිවිසෙන්න.

02 ගෙවීම් විකල්පය තෝරන්න: ගෙවීම් විකල්පය යටතේ ඇති “Govement payment/Bill payments” සහ ඉන්පසු “GovPay” තෝරන්න.

03 ආයතනය සහ සේවාව තෝරන්න:

සංවිධාන ලැයිස්තුවෙන් ‘Sri Lanka Police’ තෝරන්න.

සේවා ලැයිස්තුවෙන් ‘Traffic Fine’ තෝරන්න.

04 තොරතුරු ඇතුළත් කරන්න:
ඔබගේ දඩ පත්‍රිකා අංකය (Fine Sheet Number) ඇතුළත් කරන්න.
ඔබගේ වාහන අංකය (Vehicle no.) සහ රියදුරු බලපත්‍ර අංකය (Driving License no.) ඇතුළත් කරන්න.

දඩ පත්‍රිකාවේ සඳහන් පොලිස් ස්ථානය (Police Station) තෝරන්න.
පොලිස් නිලධාරියාගෙන් විමසා ‘Traffic Officer Mobile no.’ තෝරන්න.
දඩ පත්‍රිකාවට අනුව අදාළ ‘Fine Types’ තෝරන්න.

05 ගෙවීම තහවුරු කරන්න:

දඩ මුදලේ විස්තර නිවැරදි දැයි පරික්ෂා කර බලන්න (Verify).

06 ගෙවීම තහවුරු කිරීමට ‘Confirm’ කරන්න.

රියදුරු බලපත්‍රය ලබා ගන්න: රථවාහන පොලිස් නිලධාරියාට ගෙවීම තහවුරු කිරීමේ කෙටි පණිවිඩයක් (SMS) ලැබුණු පසු, ඔබගේ රියදුරු බලපත්‍රය ඔබට ආපසු ලබා දෙනු ඇති.

වැඩිදුර තොරතුරු මෙතැනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *