පොලිස් නිලධාරියෙකු සහ වෙඩික්කරු ඇතුළු හය දෙනෙකු මරුට

New York shooting: Six people dead, including a police officer and the shooter
Spread the love

රයිෆලයක් අතැතිව සිටි පුද්ගලයෙකු මෑන්හැටන් උස් ගොඩනැගිල්ලකට ඇතුළු වී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළේය.

වෙඩික්කරු ලාස් වේගාස් හි 27 හැවිරිදි ෂේන් ඩෙවොන් තමුරා ලෙස හඳුනාගෙන ඇති ඔහු ද සියදිවි නසාගෙන ඇති බවට විශ්වාස කෙරේ.

වෙඩික්කරුගේ ඡායාරූපය විශ්ලේෂණය කල හිටපු FBI deputy director director Andrew McCabe අදහස් දක්වා තිබුනේ සැකකරු වෙඩි තැබීමෙන් පසු දිවි ගලවා ගැනීමට අදහස් නොකළ බවයි එනම් මරාගෙන මැරීමේ චේතනාවෙන් කල ප්‍රහාරයක් බවයි.

වෙඩි තැබීමේ අරමුණ තවමත් නිශ්චය කර නොමැති අතර, මෙම ප්‍රහාරය සඳහා කිසිදු කණ්ඩායමක් වගකීම භාරගෙන නොමැත.

345 පාර්ක් මාවතේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල බ්ලැක්ස්ටෝන් සහ එන්එෆ්එල් ඇතුළු ප්‍රධාන ව්‍යාපාර කිහිපයකට නිවහන මෙම ප්‍රදේශය තරු පහේ ව්‍යාපාරික හෝටල් කිහිපයක් මෙන්ම කොල්ගේට්-පැල්මොලිව් සහ විගණන සමාගමක් වන KPMG ඇතුළු ආයතනික මූලස්ථාන ද පිහිටා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *