පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගේ හෙළිදරව් කිරීම්වලින් පසුව ( එම ප්‍රවෘත්තිය කියවීමට මෙතන ක්ලික් කරන්න ), චීනයෙන් ආනයනය කරන ලද BYD විදුලි වාහන 1,000 ක් පමණ මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බව වාර්තා වේ.
දින කිහිපයකට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් රජයට චෝදනා කරමින්, “ඒ වාහන ආනයනය කරන ප්‍රධාන සමාගමට රජය සමඟ කිසියම් සම්බන්ධයක් තිබේදැයි අපි නොදනිමු. එම කන්ටේනරය පිටතට ගියා සේම, මෙයද අඩු බදු සහිතව පිටතට ගියේය” යනුවෙන් පවසා තිබුණි. මෙම BYD ජාවාරම හෙළිදරව් කිරීමෙන් දින කිහිපයක් ඇතුළත, BYD විදුලි වාහන 1,000 ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බව වාර්තා වේ.
ආනයනකරුවන් කිලෝවොට් 100 ක මෝටර් ධාරිතාවක් ලෙස ප්‍රකාශ කර ඇතත්, මෙම වාහනවල මෝටර් ධාරිතාව කිලෝවොට් 150 ක් බව රේගුව පවසා ඇත.
100 kW මෝටර් රථයක බද්ද රුපියල් මිලියන 2.4 ක් වන නමුත් 150 kW මෝටර් රථයක බද්ද රුපියල් මිලියන 5.4 ක් පමණ වන බව වාර්තා වේ.
කාණ්ඩ හයකින් මෙරටට ආනයනය කරන ලද මෙම BYD වාහන මෙම මාසයේදි දින දෙකකදි ශ්‍රී ලංකාවට පැමිණි අතර දැනට වරායේ රඳවා ඇත.
අයතා ලෙස 100 kW වාහනයක් ලෙස දක්වා ගෙන්වූ 150 kW මෝටර් රථයකට අදාළ නියමිත බද්ද අය කිරීමට පසු , ගැනුම්කරුවෙකුට හෝ වාහන ආනයනය කල යට රුපියල් මිලියන 3.4 ක් පමණ වැඩිපුර ගෙවීමට සිදුවිය හැකි බව වාර්තා වේ.
