රට-විරුවන්ට ජන්දය පලකරන්න අලුතින් නිතී සම්පාදනයට කමිටුවක්

රට-විරුවන්ට ජන්දය පලකරන්න අලුතින් නිතී සම්පාදනයට කමිටුවක්
Spread the love

ශ්‍රී ලාංකිකයින් විදෙස්ගතව සිටියදි ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වත්මන් මැතිවරණ පණත් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති අතර, ඉන්දියාව, බංග්ලාදේශය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි අයුරින් නීතිමය ක්‍රමෝපායන් සකස් වී තිබීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත.

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ද ඒ ආකාරයේ නීතිමය සංශෝධන සිදුකිරීම කාලීන අවශ්‍යතාවක් බවට හඳුනා ගෙන ඇති බැවින් මෙම පියවර ගත් බවයි රජය පවසන්නේ.

ඒ අනුව පවතින නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමටයි රජය සූදානම් වන්නේ.

මේ සඳහා වන නීතිරීති පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටයි නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *