ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගැනිමට නව ශාක්‍යතා අධ්‍යයනයක්

ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගැනිමට නව ශාක්‍යතා අධ්‍යයනයක්
Spread the love

ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ..

නිසි අධ්‍යයනයන් සිදු නොකර ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් සිදුවන හානිය නිවැරදි කිරීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කරන බවත්, ඒ මත පදනම්ව අනාගත සැලසුම් සකස් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව, නැගෙනහිර පළාතට ධීවර වරායක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාලච්චේන ප්‍රදේශයේ ධීවර වරාය 2026 දී නව පහසුකම් සහිත පුළුල් ධීවර වරායක් බවට පත් කිරීමටත්, එම ප්‍රදේශයේ ධීවර කර්මාන්ත සඳහා අවශ්‍ය අයිස් නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
.
තවද මෙහිදී ධීවරයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 21 වන දින සිට මේ රටේ සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *