රු. 95 ක ඖෂධයක් සිල්ලර මිලට රු. 300 කට මිලදී ගැනීමට අවසර

දිවයින පුරා රෝහල්වල හදිසි ස්වසන රෝගීන්ට ලබා දෙන salbutamol nebulasation solution නොමැති අතර එම ඖෂධය රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස. මුදල් ගෙවා සිල්ලර මිලට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සම්ප්‍ර සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි
Spread the love

දිවයින පුරා රෝහල්වල හදිසි ස්වසන රෝගීන්ට ලබා දෙන salbutamol nebulasation solution නොමැති අතර එම ඖෂධය රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස. මුදල් ගෙවා සිල්ලර මිලට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සම්ප්‍ර සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙම ඖෂධය තොග මිලට රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් එකවර මිලදී ගන්නේ නම සාමාන්‍යයෙන් ඖෂධ කුප්පියක් සඳහා රජයට වැය කළ යුතු මුදල රුපියල් අනූපහකට ආසන්න වන අතර මේ අන්දමට අවශ්‍ය අවස්ථාවලදී සිල්ලරට මිලට මිලදී ගැනීම සඳහා අවසරය ලබා දීම නිසා එම බෙහෙත් කුප්පියම, එම සමාගමෙන්ම මිල ආසන්න වශයෙන් රුපියල් 300ට ආසන්න මුදලක් ගෙවා මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සිදුවීම ගැන විමර්ශනයක් පවත්වන ලෙසට චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය දී දැනට ටෙන්ඩර් කැඳවීමේදී උද්ගතව ඇති බලවත් අකාර්යක්ෂමතාව සහ අවුල් සහගත තත්ත්වය මත මෙරටට ඇතැම් ඖෂධ සපයන තනි සමාගම් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ටෙන්ඩර් සැපයීම වෙනුවට අධික මිලකට බාහිර ෆාමලි හා පෞද්ගලික රොහල් වලට ඖෂධ සැපයීමට කටයුතු කරන අතර මේ අනුව මිලදී ගැනීම් සඳහා විශාල මුදලක් අනවශ්‍යයව වැය කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සිදුවීම නිර්මාණය කළ සෞඛ්‍ය අර්බුදධයක් බවද ඔහු පෙන්වා දෙයි.

එම සමාගමෙන්ම වැඩි මිලකට ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවන බැවින් මෙම තත්ත්වය චේතනාන්තව නිර්මාණය කළ අර්බුදයක් ලෙස සලකා බලා විමසා බලා වගකීම් විරුද්ධව පියවර ගන්නා ලෙස ද, දිගින් දිගටම ඇතිවන මෙම තත්ත්වය කෙරෙහි රාජ්‍ය ඖෂධ සංස්ථාව ඍජුව වගකිවයුතු වන බැවින් ලබන වසරේ ඇතිවන ඖෂධ අර්බුදයේ ප්‍රධාන වගකිවයුතු පාර්ශවයක් ලෙස ඔවුන් වගකීම බාරගත යුතු බවද ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *