අවස්ථාව තියෙනවානම් අධ්‍යාපනය කවදාවත්මගහැර ගන්න එපා – සිරිල් අයියා

Siril Aiya, also known as Janitha Rupasena, posted a very exemplary post on his Facebook page Siril Aiya/sirip ayya on the 24th, which has now become a topic of discussion
Spread the love

සිරිල් අයියා හෙවත් අපි කවුරුත් අදුනන ජනිත රූපසේන විසින් අද දින 24 ස්වකීය සිරිල් අයියා/sirip ayya ෆෙස්බුක් පිටුවේ තබා තිබු ඉතාමත් ආදර්ශයමත් සටහනක් මේ වනවිට කාගෙත් කතා බහට ලක්වි තිබෙනවා.

ජනිත රූපසේන යනු මොරටු විශ්ව විද්‍යාලයෙ ඉලෙක්ට්‍රොනික්ස් හා ටෙලෙකොමිනිකේශන් උපාධිදාරී මෙන්ම එම විශ්ව විද්‍යාලයේම Msc in Telecommunication බැච් ටොප් ලෙස සමත් වු ඉතාමත් දක්ෂ ඉංජිනේරුවෙක්.

හාස්‍යජනක විනෝදය ලබාදෙන නිර්මාණත්මක වැඩසටහන් මෙන්ම වේදිකාවද දක්ශකම් පාන ඔහු නැගිඑන පරපුරට ලබා දුන් අවවාදය උගත් සැමගෙම පැසසුමට පාත්‍ර වි ඇත.

1999 වසරේ පහේ ශිෂ්‍යත්වයට ලකුණු – 149
2005 සාමාන්‍ය පෙළ විභාගයෙන් – A සමාර්ථ 10ක්
2008 උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් මාතරින් 45 වෙමින් – 2A1B
2014 මොරටුව විශ්ව විද්‍යාලයෙන් – Bsc in Electronics & Telecommunications
2022 මොරටු විශ්ව විද්‍යාලයෙන් බැච් ටොප් වෙමින් – Msc in Telecommunications

තාක්ෂනික ප්‍රකාශණ : Scalable Storage Scheme for Blockchain-enabled IoT equipped food supply chains – EuCNC 6G Summit 2021

ඔහුගෙම වචනයෙන් ඔහුගෙ ෆෙස්බුක් පිටුවේ උපුටා දැක්විම පහතින් ;

“ඕන දෙයක් කරන්න මුලින් හොදට ඉගන ගෙන ❤️
මේක දැම්මේ කිසිම ලොකු කමකට නෙවෙයි. මේක දැකලා කෙනෙක් motivate වෙයි කියලා හිතලා 😍 ඔයාට ඕනම දෙයක් හරියට කරන්න නම් මුලින්ම ඒක හරියට ඉගන ගන්න. ඊට පස්සේ තමන්ගේ ආතල් එක ඕනේ විදියට ගන්න පුලුවන් 👌👌👌

මිනිස්සු ඉන්න පුලුවන් හරියට ඉගන නොගෙන උඩටම ගිය. හැබැයි එහෙම ඉන්නේ අත්ලොස්සයි. ඒක නිසා අවස්තාව තිය නම් අද්‍යාපනය කවදාවත් මග ඇර ගන්න එපා 🙏🙏🙏 ඊට පස්සේ ඕනේ විදියකට ඔයා ආසා දේ කරන්න. ආදරෙයි හැම කෙනාටම ❤️”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *