ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද උදෑසන අත්අඩංගුවට ගත් අතර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ජූලි 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නාවික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පොතුහැර ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සදහා හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
