දෙහිවලදි සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමේ කුරුමානම වරදී

An attempt to shoot a health administration officer near the S. D. S. Jayasinghe Stadium in Dehiwala has failed.
Spread the love

දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ.

අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණයේ අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී ඇති බව සදහන් වෙයි.

පසුව යතුරු පැදිකරු පලාගොස් ඇති බවද පොලිසිය සදහන් කළේය.

වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වු සෞඛ්‍ය පරිපාලන නිළධාරි විසින් දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *