එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ (X-Press Pearl) ගින්නෙන් ඇති වූ පාරිසරික හා ආර්ථික හානිය හේතුවෙන් එම අදාල X-Press Feeders නැව් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වන්දියක් ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු බවට ශ්‍රී ලංකාවේ උත්තරීත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
තීන්දුවට අනුව, මෙම වන්දි මුදල භාණ්ඩාගාර ලේකම් වෙත යොමු කළ යුතුය.
එවකට වගකිව යුතු අමාත් වරයා වූ නාලක ගොඩහේවා සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, ව්‍යසනය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බව ද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලෝය.
මෙම තීරණය ගනු ලැබුවේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්රමුඛ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල විසිනි. ඔහු මෙම සිද්ධියේ බලපෑම සම්බන්ධයෙන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලමින් සිටියේය.
