on-site fine payment system through the GovPAY starts today

GovPAY හරහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය අද සිට ආරම්භ වේ

GovPAY යෙදවුම හරහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමවේදය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. කොළඹදී අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් අද දිනයේ පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම සිදුකරන බවයි. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ GovPAY යෙදවුම හරහා මාර්ගගත…

වැඩි විස්තර
Train strike from tomorrow (29) at 12 midnight

හෙට (29) මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය මාර්ග පද්ධතියේ දෝෂ සහ පරිපාලන ගැටළු ඇතුළු ගැටළු කිහිපයක් විසඳීමට රජය අපොහොසත් වීම හේතුවෙන් හෙට (29) මධ්‍යම රාත්‍රී 12 ට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරුවන් සහ රියදුරු සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ මහතා පැවසීය. මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම දුම්රිය මෙහෙයුම් නතර වන බව ද ඔහු පැවසීය.

වැඩි විස්තර
NPP මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

NPP මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කැලණියේ පදිංචි 34 හැවිරිදි සැකකරු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කළේය. වෙඩි තැබීම ජූලි 16 වන දින වැලිගම මාලිම්බඩ ප්‍රදේශයේ නානායක්කාරගේ නිවසේදී සිදු විය. පිස්තෝලයකින් නිකුත් කරන ලද උණ්ඩ නවයක් නිවසේ…

වැඩි විස්තර
Thilini Priyamali has been arrested on charges of obstructing the proceedings of the court at Homagama police station. The arrest took place when Priyamali arrived at the Homagama police station to give a statement.

තිළිණි ප්‍රියමාලි නැවතත් අත්අඩංගුවට

හෝමාගම පොලිසිය විසින් අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රියමාලි ප්‍රකාශයක් ලබා දීම සඳහා හෝමාගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. හෝමාගම දිස්ත්‍රික් අධිකරණයට අනුයුක්ත අධිකරණ සිතාසි ලබාදීමෙ සේවකයෙකුගේ රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ. ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු, ප්‍රියමාලි අද පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත්…

වැඩි විස්තර
President Kumara depart for the Maldives on a three-day visit

ජනාධිපති කුමාර තෙදින සංචාරයක් සඳහා මාලදිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය. මෙය මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකි. ජනාධිපතිවරයා ජූලි 30 වන දින දක්වා එරට රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ කටයුතු…

වැඩි විස්තර
mechanical fault in a train running from Hikkaduwa to Maradana

හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක්

හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසල වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මෙම සිද්ධිය අද (28) උදෑසන වාර්තා වූ අතර, දෝෂ සහිත දුම්රිය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය…

වැඩි විස්තර
Four, including a female, were arrested over an assault on a bus driver in Kandy

මහනුවරදී බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

මහනුවර, හන්තාන ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරෙකුට සිකුරාදා (25) පහරදීම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 26 සහ 27 වන වියේ පසුවන අතර සැකකාරිය වයස අවුරුදු 38 කි. සියලුම සැකකරුවන් මහනුවර පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. අනුරාධපුරයේ සිට…

වැඩි විස්තර
Ex. Provincial Councilor K. Pushpakumar alias Iniya Bharathi's house underwent a special search

හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනිය භාරතීගේ නිවස විශේෂ සෝදිසියකට ලක් විය.

දැනට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතම දේශපාලන සගයා ලෙස සැලකෙන හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතීගේ නිවස විශේෂ සෝදිසියකට ලක් කරන ලදී. අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක් සහ කාර්යාලයක් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂයෙන් සෝදිසි කරන ලදී. ඉනියභාරතී සහ…

වැඩි විස්තර
Several operations were carried out on the 25th as part of a series of special operations to arrest individuals involved in drugs and crime.

විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 1,455ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වන විශේෂ මෙහෙයුම් මාලාවක කොටසක් ලෙස පසුගිය 25 වන දින මෙහෙයුම් කිහිපයක් සිදු කරන ලදී. මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කටයුතු කර ඇති අතර, ආරක්ෂක නිලධාරීන් 6,500 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්…

වැඩි විස්තර
Ex. STF Soldier who shot "Bus Asitha" killed in shootout with STF

“බස් අසිත” ට වෙඩි තැබූ හිටපු STF පෝරගේ STF සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී “බස් අසිත”නැමැත්තාට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සැඟවී සිටි තුවක්කුකරු කහතුඩුවේදී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු හිටපු පොලිස් විශේෂ කාර්ය බලකා PTI සෙබලකු බවටත් ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට සෙවයෙන් නෙරපා ඇති බවටත් වාර්ථා වේ. අද 25 අලුයම 4:30ට පමණ පොලිස්…

වැඩි විස්තර