මහනුවරදී බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට
මහනුවර, හන්තාන ප්රදේශයේදී පාසල් දරුවන් ප්රවාහනය කරමින් සිටි බස් රථ රියදුරෙකුට සිකුරාදා (25) පහරදීම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 26 සහ 27 වන වියේ පසුවන අතර සැකකාරිය වයස අවුරුදු 38 කි. සියලුම සැකකරුවන් මහනුවර පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. අනුරාධපුරයේ සිට…
